තිරසර සංවර්ධනය හා බැදුනු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයක අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි

Share Button

තිරසර සංවර්ධනය හා බද්ද වු ඉදිකිරීම් ක්‍ෂේත්‍රයක අවශ්‍යතාව වර්තමානයේ දැඩිව පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

මහ නගර සංවර්ධනය වැනි මහ පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පරිසර සංරක්‍ෂණය සම්බන්ධයෙන් සැලකිලිමත්වීමේ දැඩි අවශ්‍යතාවක්ද පවතින බව එතුමා පෙන්වා දෙයි.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙලට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය ආයතන හා සංවිධාන ප්‍රදර්ශනයට එක්කර ගැනීම මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට වඩාත් ශක්තියක් වනු ඇතැයි එතුමා පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *