දඩ මුදල් ඉහල නැංවීමෙන් රිය අනතුරුවල අඩුවීමක්

Share Button

රිය අනතුරුවලින් මරණයට පත්වන පුද්ගලයින්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් රජයට විශාල මුදලක් වැය කිරීමට සිදුවී ඇතැයි රථවාහන පාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. වසරකට තුන්දහසකගේ ජිවිත රිය අනතුරුවලින් අහිමි වෙයි. ආබාධිත තත්ත්වයට පත්වන සංඛ්‍යාව වසරකට 15 දහසකට ආසන්න වෙයි. මාර්ග ආරක්ෂාව සහතික කිරීමට රටක් වශයෙන් ගතයුතු ක්‍රියාමාර්ග මැයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ අද පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව අනාවරණය කළේය. නොසැලකිලිමත්කම හේතුවෙන් සිදුවන බොහෝ රිය අනතුරු වළක්වාගත හැකිය. බීමතින් රිය පැදවීම. අධික වේගය හා මාර්ග නීති උල්ලංගනය කිරීම රිය අනතුරුවලට හේතුවෙයි. දඩ මුදල් ඉහල නැංවීමෙන් රිය අනතුරුවල අඩුවීමක් දක්නට ලැබෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කළේය. දඩ මුදල් ඉහල නැංවීමේ අරමුණ රජයට ආදායම් ලබා ගැනීම නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11