කාත්තන්කුඩි නගරයෙන් යලි කිසි දිනක ත්‍රස්තවාදයෙකු හෝ ජනතා විරෝධී පුද්ගලයෙකු බිහි වීමට ඉඩ නොදෙන බව එහි මුස්ලිම් පල්ලි සම්මේලනයේ සභාපති කියයි

Share Button

කාත්තන්කුඩි නගරයෙන් යලි කිසි දිනක ත්‍රස්තවාදියෙකු හෝ ජන විරෝධී පුද්ගලයෙකු බිහිවීමට ඉඩ නොදෙන බව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ සභාපති
එම් සී එම් ඒ සත්තාර් මහතා කියයි. මොහොමඩ් සහරාන් නමැති කාත්තන්කුඩි නගරය ප්‍රතික්ෂේප කළ පුද්ගලයා සිදු කළ බරපතල ඛේදවාචකය හේතුවෙන් මිනිස් ජීවිත රැසක් අහිමි විය. මුස්ලිම් ප්‍රජාව සම්බන්ධයෙන් සැක මතුවිමට ද එය හේතු වු බව කාත්තන්කුඩි මුස්ලිම් පල්ලි හා ආයතන සම්මේලනයේ ප්‍රධාන ශාලාවේ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසීය. මුස්ලිම් ප්‍රජාව කිසි දිනක වෙනත් ජාතීන් සමග අමනාපකම් ඇති කරගෙන නැත. ත්‍රස්තවාදය පැවති සමයේද මුස්ලිම් ප්‍රජාව හා සෙසු ජාතීන් අතර සමීප සබඳතා පැවතින. එහෙත් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් කාත්තන්කුඩි නගරය . මුස්ලිම් ප්‍රජාව . ආගමික ඉගැන්වීම් . මද්‍රසා පාසල් . රටඉඳිගස් ආදි විවිධ මාතෘකා කථාබහට ලක්වු බව ඒ මහතා පෙන්වා ුදන්නේය. මුස්ලිම් ප්‍රජාව කිසිදු අවස්ථාවක වෙනත් ජාතියකට පරිභව කරන හෝ එම ජාතිය ඉක්මවා අයිතිවාසිකම් ඉල්ලන පිරිසක් නොවේ. මඩකලපුව දමිළ ජනතාව සමග ද තමන් ඉතාම සුහදව ජීවත් වන බව පෙන්වා දුන් සත්තාර් මහතා . වෙනත් ප්‍රදේශවල ව්‍යාපාරික කටයුතුවල යෙදෙන විට සිංහල ජනතාව සමග ඉතාමත් සුහදව කටයුතු කරන බවද පෙන්වා දුන්නේය. තමන්ට ත්‍රස්තවාදයක් හෝ අන්තවාදයක් අවශ්‍යව නැතැයි අවධාරණය කළ ඒ මහතා අතීතයේ දී මෙන් සියලු ජාතීන් සමග මිත්‍රත්වයෙන් ජීවත් වීම ඒකායන අරමුණ බව සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *