ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල අදින් ඇරඹේ  

Share Button

ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල රුහුණු විශ්වවිද්‍යාලයේදී අද ඇරඹේ. එය ලබන සැප්තැම්බර් මස 7 වැනිදා දක්වා පැවැත්වේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල 14 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊට සහභාගි වෙති.

ක්‍රීඩා උළෙල ඉතිහාසයේ මෙතෙක් පැවති තරගාවලිවල සමස්ත ශූරතාව 6 වරක් දිනා ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය දිනා ඇති සමස්ත ශූරතා සංඛ්‍යාව 4 කි.

මෙවර උළෙලේ සත්කාරකත්වය රුහුණු විශ්වවිද්‍යාලයට හිමිවී ඇත්තේ වසර 21 කට පසුවයි.

රුහුණු විශ්වවිද්‍යාලය ප්‍රථම වරට විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සත්කාරකත්වය ලබාදී ඇත්තේ 1998 වසරේදීය.

උළෙල ඉතිහාසයේ වසර 6 කදී සත්කාරකත්වය දරමින් කොළඹ විශ්වවිද්‍යාලය උළෙලේ වැඩිම වාර සංඛ්‍යාවක් සත්කාරකත්වය දැරූ විශ්වවිද්‍යාලය බවට පත්වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *