වාරියපොල නාතගනේ විද්‍යාලය කෙරෙහි අවධානය යොමු විය යුතුයි  

Share Button

වාරියපොල අධ්‍යාපන කොට්ඨාසයේ නාතගනේ විද්‍යාලයේ ද්විතියික අංශය ඉවත් කර දැනට ප්‍රාථමික පන්ති පමණක් පැවැත්වේ.

මේ හේතුවෙන් ආර්ථික අපහසුතා මධ්‍යයේ වුවද තම දරුවන් දුර බැහැර ප්‍රදේශවල පාසල් වෙත යොමු කිරිමට දෙමව්පියන්ට සිදුවී ඇත.

මෙම පාසල කණිෂ්ඨ පාසලක් ලෙස පමණක් පවත්වාගෙන යාම නිසා නුදුරේදී වැසී යාමේ තර්ජනයකට මුහුණ දෙනු ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

වසර 80 ක පමණ කාලයක සිට අවට ප්‍රදේශයේ දරුවන් රැසකට අධ්‍යාපනය ලබා දුන් මෙම විද්‍යාලය රැක ගැනීම බලධාරින්ගේ යුතුකමකි.

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමනි මේ ඔබේ අවධානයටයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11