මෙරට ප්‍රථම තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉදිකිරිම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Share Button

මෙරට තාක්ෂණ අධ්‍යාපනය බලගැන්වීම උදෙසා වෘත්තිය නිපුනතාවයන්ගෙන් සපිරි ගුරුපරපුරක් පාසල් පද්ධතියට දායාද කිරීමේ අරමුණින් ප්‍රථම තාක්ෂණ අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉදිකිරිම් ඇරඹේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විප්ලවීය සංවර්ධන ගමන්මගේ තවත් දැවැන්ත පියරවක් සනිටුහන් කරමින් කුලියාපිටිය නාරංගොල්ල ප්‍රදේශයේ මෙය ඉදි කෙරේ. ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්වු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ අධ්‍යාපන නවීකරණයේත් ආර්ථිකය නවීකරණයේත් වැදගත් පියවරක් ලෙස මෙරට ප්‍රථම තාක්ෂණික විද්‍යා පීඨය ඉදිකෙරෙන බවයි.

දහතුන් වසරක පාසල් අධ්‍යාපනය සහතික කිරිමේ රජයේ වැඩසටහන යටතේ අවසන් වසර දෙකෙහි තාක්ෂණික අංශයෙන් අධ්‍යාපනය ලබන දරුවන් සදහා අවශ්‍ය ගුරුවරුන් බිහි කිරිම මෙමගින් සිදු කෙරේ. කොරියාව . ජපානය වැනි රටවල මෙන් මෙරටද පුහුණු ශ්‍රම බලකායක් ඇති කිරිමේ අරමුණින් සිසුන්ට වෘත්තිය පුහුණුව ලබාගැනිමට අවශ්‍ය පහසුකම් රජය වැඩි කර ඇත. කොරියානු ආධාර යටතේ මෙරට විශාලතම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ඔරුගොඩවත්තේදි පසුගියදා විවෘත කළ බව අගමැතිවරයා කිවේය වත්මන ්රජය යටතේ ඉදිකළ දෙවැනි වෛද්‍ය පීඨය වයඹ විශ්ව විද්‍යාලයේ දි අද විවෘත කෙරේ . තුන්වැන්න ළගඳීම මොරටුව විශ්ව විද්‍යාලයේ විවෘත කරන බව අගමැතිවරයා පැවසිය.
මෙම අවස්ථාවට එක්වූ ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ලබන මස 09 වැනිදා පාසල් 500 ක් සදහා ඉදිකිරිම් ව්‍යාපෘති 500 ක් විවෘත කරන බවයි. මිට පෙරද අවස්ථා දෙකකදි ව්‍යාපෘති 200 ක් සහ 250 ක් සිසු අයිතියට පැවරිණි. 2015 වසරේ විද්‍යා පීඨ සදහා බදවාගත් සංඛ්‍යාව තුන්දහසක් බව පැවසු ඇමතිවරයා වර්තමානයේ එය හාරදහසක් දක්වා වැඩි කර ඇතැයි කිවේය. බඳවා ගැනීමේ දි ඇතිවී තිබු ප්‍රමාදය අවසන් කරමින් අටදහසක පිරිසක් එකවර බදවාගත් බව හෙතෙම පැවසිය. වසර දෙකක් අවසානයේදි ශික්ෂණලාභින් අටදහසක් බිහිවිමත් සමග දැනට පාසල් සදහා පවතින ගුරු හිගය අවසන් වනු ඇතැයි තම විශ්වාසය බව ඇමතිවරයා කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *