ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ වැසි හා සුළං හේතුවෙන් සියයකට අධික පිරිසක් පීඩාවට

Share Button

පසුගිය දින දෙක තුළ ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ධාරාණිපාත වැසි හා තද සුළං හේතුවෙන් 123 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් දම්පත් රත්නායක මහතා කියයි. ඔවුහු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 9 ක ග්‍රාම නිලධාරී වසම් 28 ක පවුල් 35 කට අයත් පිරිස වෙති. තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීමෙන් එක් නිවසක් මුඵමනින්ම විනාශ වි ඇති අතර අර්ධ වශයෙන් හානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 33 කි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිලි කිහිපයක් මතට ගස් කඩා වැටීමෙන් හානි සිදුවී තිබේ. පීඩාවට පත්වුවන්ට අවශ්‍ය සහන කටයුතු දැන් ක්‍රියාත්මක කර ඇතැයි අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *