පළාලි ගුවන් තොටුපලේ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනමින්

Share Button

පළාලි ගුවන් තොටුපලේ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනමින් නිම කරන බව ප්‍රවාහන අමාත්‍යංශයේ වැඩබලන ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මිය කියයි. කලාපීය ගුවන් තොටුපලක තිබිය යුතු සියලු පහසුකම් මෙම ගුවන් තොටුපලට ලබාදීමට නියමිතයි. ගුවන් තොටුපලේ තාවකාලික ජල සැපයුම සදහා රුපියල් 11 කෝටි 20 ලක්ෂයක් වැය කෙරේ. සෙසු යටිතල පහසුකම් සදහා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ප්‍රවාහන අමාත්‍යංශය එක්ව ප්‍රතිපාදන සපයයි. පළාලි ගුවන් තොටුපල මෙරට ඉදිවන සිව්වන ගුවන් තොටුපලයි. එය ලබන ඔක්තෝබර් මස 15 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *