විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට

Share Button

ඉතාලියේ රැකියාවක් ලබා දෙන බව පවසමින් තරුණයෙකුගෙන් රුපියල් පන් ලක්ෂ හැත්තැපන් දහසක මුදලක් ලබා ගෙන වසරක පමණ කාලයක් මගහරිමින් සිටි කාන්තාවක ලබන මස 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බලංගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ එම් එස් මැණිකේ මහත්මිය අද නියෝග කළාය. ඇය කටුනායක ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. විදේශ රැකියාවක් ලබා දෙන බව පවසමින් එම කාන්තාව තමාගෙන් මුදල් ලබා ගත් බවට බලංගොඩ ප්‍රදේශයේ පදිංචි එම තරුණයා පොලිසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව බලංගොඩ පොලිසිය කළ විමර්ශනයකින් පසුව ඊයේ රාත්‍රියේ එම කාන්තාව අත්අඩංගුවට ගෙන බලංගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10