ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව මුඵමනින්ම පුහුණු ශ්‍රමිකයන් සිටින රටක් – අගමැති

Share Button

ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාව මුඵමනිනස්ම පුහුණු ශ්‍රමිකයන් ඇති රටක් බවට පරිවර්තනය කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ආර්ථිකය නවීකරණය කර පෙරට ගෙන යාමට පුහුණු ශ්‍රමිකයන් අත්‍යවශ්‍ය වෙයි. ජපානය . කොරියාව වැනි රටවල නුපුහුණු ශ්‍රමිකයන් නොමැති බවත් . පුහුණු ශ්‍රමිකයන් හේතුවෙන් එම රටවල් වේගයෙන් සංවර්ධනය විී පෙරට ගමන් කරන බව අගමැතිවරයා පෙන්වා දුන්නේ කුලියාපිටිය නාරංගොල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම තාක්ෂණික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඉදිකිරීම් ආරම්භ කිරීම නිමිත්තෙන් අද පෙරවරුවේ පැවති උත්සවයට එක් වෙමිනි. පුහුණු ශ්‍රම බලකායක් ඇති කිරීමේ අරමුණින් පාසල් සිසුන්ට වෘත්තිය පුහුණුව ලබා ගැනීම සදහා ඇති පහසුකම් රජය ඉහළ නංවා තිබේ. ඒ අනුව කොරියානු රජයේ ආධාර යටතේ මෙරට විශාලතම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී පසුගියදා විවෘත කෙරිණ. වත්මන් ්රජය යටතේ ඉදිකළ දෙවන වෛද්‍ය පීඨය වයඹ විශ්ව විද්‍යාලයේ දී අද විවෘත කෙරිණි. තුන්වැන්න ළගදීම මොරටුව විශ්ව විද්‍යාලයේදි විවෘත කරන බව අගමැතිවරයා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *