ජාතික ගුවන්විදුලිය නවීන තාක්ෂණය ඔස්සේ ශ්‍රාවකයාට සමිප වෙයි.

Share Button

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයකට එක්වෙමින් නවීන තාක්ෂණය සිය ශ්‍රාවකයන්ට සමිප කරවීමට ක්‍රියාකරයි. ඒ අනුව ජාතික ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ්‍රවනය කිරීමේ අවස්ථාව හෙට සිට උදාවෙයි. ගුගල් ප්ලේ ස්ටෝ හෝ ඇප් ස්ටෝ වෙත ගොස් එස් එල් බී සී ඇප්එක හෙවත් යෙදවුම ජංගම දුරකථනයට බාගත කරගත හැකිය. ස්වදේශිය සේවය. සිටි එෆ් එම්. වෙළෙඳ සේවය. තෙන්ඩ්‍රල් . දෙමළ ස්වදේශිය සේවය. ඉංග්‍රිසි සේවය. කඳුරට එෆ් එම් ඇතුඵ සේවා මෙම යෙදවුම මගින් ශ්‍රවනය කළ හැකිය.

මෙම තාක්ෂණික පරිවර්තනයත් සමග දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවට ජාතික ගුවන් විදුලියට සවන්දීම තවත් පහසු වනු ඇත. විදේශගත විවිධ වෘත්තින් හි යෙදි සිටින මිලියන දෙකක් පමණ වු ශ්‍රී ලාංකිකයිගෙන් ජාතික ගුවන් විදුලියට ලැබදි ශ්‍රාවකයන්ට මෙම යෙදවුම මගින් වඩා ඉක්මනින් ජාතික නාලිකා හා එක්විය හැකිය. සංස්ථාවේ වත්මන් සභාපති මාලක තල්වත්ත මහතාගේ සංකල්පයක් අනුව ජාතික ගුවන් විදුලියට සයිබර් අවකාශයේ මෙම අවස්ථාව උදාකර ගැනීමට අවස්ථාව ලැබි තිබේ. 1925 දී ආසියාවේ පලමු ගුවන් විදුලි නාලිකාව ඇරඹු ශ්‍රී ලංකා ගුවන් විදුලිය සෑම අවස්ථාවකදීම මහජන සේවාවක් සේ තම වගකීම් ඉටුකරනු ලැබිය.

මෙම ජංගම යෙදවුම ජනගත කිරීම ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරු 5.00 ට සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී සිදුවෙයි. අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත. අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධිර යන මහත්වරු ඇතුඵ සංස්ථා කාර්ය මණ්ඩලයද එම අවස්ථාවට එක්වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *