ආපදා කළමනාකරණයට ආසියානු බලකායක් ගොඩ නංවමු – ඇමති පාලිත රංගේ බණ්ඩාර

Share Button

ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු කලාපීය බලකායක් පිහිටුවිය යුතු බව වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

පසුගිය හතරවනදා (04) මොන්ගෝලියාවේ, උලම්බටාර් අගනුවර පැවති ආපදා කළමනාකරණය පිළිබඳ ආසියානු කලාපීය සමුළුවේ දෙවන දිනය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මොන්ගෝලියානු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සඳහා රටවල් 34 ක ආපදා කළමනාකරණ අමාත්‍යවරුන් හා නිලධාරීන් සහභාගී වි සිටියහ.

දේශගුණික බළපෑම් හා ස්වභාවික විපත් ඇති වීමේ ප්‍රවණතාව ශ්‍රී ලංකාව තුල වේගයෙන් වැඩි වෙමින් පවතින බව පැවසු අමාත්‍යවරයා ආපදා අවධානම් දර්ශකයේ 2016- 2017 කාල සීමාව තුළ 98 වන ස්ථානයේ පැවති ශ්‍රි ලංකාව 2018 වසර වන විට 04 වන ස්ථානයට පැමිණ ඇති බවද අවධාරණය කළේය.දේශගුණික තත්ත්වයන් නිසා ඇති වන වැසි, නියං තත්ත්වයන් පාලනය කළ නොහැකි වුවත් ඒ හේතුවෙන් ඇති වන නාය යෑම්, අස්වනු හානිවිම් වැනි තත්ත්ව වළක්වා ගත හැකි බව පෙන්වා දුන්නේය. ඒ සඳහා දීර්ඝකාලීන සැලසුම් අවශ්‍යබව දඅමාත්‍යවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

ඒ සඳහා ආසියාවටම පොදු බලකායක් ගොඩනැගීමත්, සම්පත් බෙදාහදා ගනිමින් රාජ්‍යයක සිදුවන විපතකදී අදාළ රාජ්‍යයට දායකත්වය ලබා දීමට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා හා නිලධාරීන් තිදෙනෙකු මෙම සමුළුවට සහභාගී වුහ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *