ජාතික ගුවන්විදුලිය නවීන තාක්ෂණය ඔස්සේ ශ්‍රාවකයින් අතරට

Share Button

ශ්‍රිී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ජනගත කිරීම සංස්ථාවේ කුමාරතුංග මැදිරියේදී අද පස්වරුවේ සිදුවෙයි.

ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක් වෙයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මාලක තල්වත්ත. අධ්‍යක්ෂ ජනරාල් ඒරානන්ද හෙට්ටිආරච්චි ක්‍රියාකාරී අධ්‍යක්ෂ හෙරල් සේනාධිර යන මහත්වරු ඇතුඵ සංස්ථා කාර්ය මණ්ඩලය එම අවස්ථාවට එක්වෙති. ගුගල් ප්ලේ ස්ටෝ හෝ ඇප් ස්ටෝ වෙත ගොස් එස් එල් බී සී ඇප්එක හෙවත් යෙදවුම ජංගම දුරකථනයට බාගත කරගත හැකිය. ස්වදේශිය සේවය. සිටි එෆ් එම්. වෙළෙඳ සේවය. තෙන්ඩ්‍රල් . දෙමළ ස්වදේශිය සේවය. ඉංග්‍රිසි සේවය. කඳුරට එෆ් එම් ඇතුඵ සේවා මෙම යෙදවුම මගින් ශ්‍රවනය කළ හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *