ජනාධිපතිවරණයට අදාල තීන්දු තීරණ රැසක් ගැනිීමට මැතිවරණ කොමිසම ලබන සදුදා රැස් වෙයි

Share Button

මැතිවරණ කොමිසම ලබන සදුදා රැස් වෙයි. ඉදිරි ජනාධිපතිවරණයට අදාල කරුණු රැසක් එහිදී සාකච්ඡා කරන බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා අප කළ විමසුමක දී පැවසීය. ලබන 15 වැනිදායින් පසුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය කොමිසමට පැවරේ.

ඒ අනුව ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය . නාම යෝජනා කැඳවන දිනය ආදිී වැදගත් තීන්දු තීරණ රැසක් ලබන සදුදා ගන්නා බව රත්නායක මහතා සදහන් කළේය. සැප්තැම්බර් 15 ත් ඔක්තෝබර් 15 ත් අතර කාලය තුළ නාම යෝජනා භාර ගැනීම සදහා දිනයක් ප්‍රකාශයට පත් කළ යුතුය.

ලබන 15 වැනිදායින් පසුව ජනාධිපතිවරණ උනුසුම වර්ධනය වනු ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා කියයි. ජනාධිපතිවරණය නිරීක්ෂණය සදහා මැතිවරණ කොමිසම පිළිගත් සංවිධාන 2 ක් හා ස්වාධින කණ්ඩායම් කිහිපයක් දැනටමත් සුදානමින් සිටින බව අප කළ විමසුමක දී ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11