රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙලේ වැඩි වගකීමක් විදුලිබල ක්‍ෂේත්‍රයට පවතින බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි

Share Button

රට ඉදිරියට ගෙනයාමේ වැඩපිළිවෙලේ සියයට 40 ක වගකිම ඇත්තේ විදුලිබල ක්‍ෂේත්‍රයට බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. මෙම ආයතනය රටේ සමස්ත යටිතල පහසුකම් ඇති කරන ආයතනයක් බව හෙතෙම පෙන්වා දුන්නේය. වසර 50 ක් පුරා විදුලිබල මණ්ඩලය හිමිකරගෙන ඇති ගරුත්වය තවදුරටත් වර්ධනය කිරීම සිය වගකිම බව අමාත්‍යවරයා සදහන් කළේය. විදුලි බිල අඩු කිරීම සදහා විදුලි නිෂ්පාදන වියදම අඩුකළ යුතුය. ඒ සදහා යෝග්‍ය නිෂ්පාදන මුල තෝරාගත යුතුවේ. විදුලි උත්පාදනය සදහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලැබි ඇති එල් එන් ජී තාක්ෂණය කඩිනමින් භාවිතයට ගතයුතු බවද ඔහු පෙන්වා දුන්නේය. ලංකා විදුලිබල මණ්ඩලීය බෙදාහැරීමේ අංශ හතර මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *