පොළොන්නරුවේ නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට

Share Button

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද පෙරවරුවේ සිදුවිය. මහල් තුනකින් සමන්විත මෙම අධිකරණ සංකීර්ණය සදහා රුපියල් මිලියන 327 ක් වැයකර ඇත. වර්ග මිටර් 3700 ක භුමි වපසරියක ඉදිකර ඇති මෙහි මහාධිකරණයක්. දිසා අධිකරණයක් හා මහේස්ත්‍රාත් අධිකරණයක් පවත්වාගෙන යාමට පහසුකම් සලසා ඇත. ඊට අමතරව කාර්යාල පහසුකම් හා වාහන නැවැත්වීමේ පහසුකම් ඇතුඵ සියලු පහසුකම්වලින් මෙම නව අධිකරණ සංකීර්ණය සමන්විතය.
මේ අතර. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකෙරෙනු නව තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද සිදුවිය. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකළ මෙම ගොඩනැගිල්ලට වැයකර ඇති මුදල රුපියල් මිලියන 42 කි. ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් පසු ජනාධිපතිතුමා පාසලේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11