ඩෝරියන් චන්ඩ මාරුතය තද වැසි සමගින් ඇමරිකාවේ දකුණු සහ උතුරු කැරොලිනා වෙරළබඩ ප්‍රදේශයට කඩා වදී

Share Button

ඩෝරියන් චන්ඩ මාරුතය තද වැසි සමගින් ඇමරිකාවේ දකුණු සහ උතුරු කැරොලිනා වෙරළබඩ ප්‍රදේශයට කඩා වදී. මෙම සුළිකුණටුව බහමාස් වෙත දැඩි අලාභ හානි සිදු කරමින් හමා ගියේය. එහි 20 දෙනෙක් පමණ ජීවිතක්ෂයට පත්වුහ. මේ වන විට ඩෝරියන් චන්ඩ මාරුතය දෙවන කාණ්ඩයේ සුළිසුළගක් බවට පරිවර්තනය වී නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශය දෙසට හමා යමින් පවතින බව ඇමරිකානු කාලගුණ අංශ සදහන් කරයි. නිවාස දහස් ගණනකට විදුලිය ඇණ හිට තිබේ. ඉදිරි දින කිහිපයේදී ඩෝරියන් සුළිකුණාටුව දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහි සුළගේ වේගය පැයකට කිලෝමීටර් 165 ක් දක්වා අඩු වී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *