ඉන්දියාව සඳ මතට යැවු චන්ද්‍රයාන් යානය ගොඩබෑමට සුඵ මොහොතක් තිබියදී ඇණහිටී

Share Button

ඉන්දියාව සඳ මතට යැවු චන්ද්‍රයාන් දෙක යානය සඳේ දකුණු ධ්‍රුවයට ගොඩ බෑමට සුඵ මොහොතක් තිබියදී ඇණහිටී. මීට මාස එකහමාරකට පමණ පෙර ඉන්දියාව යැවු මෙම යානය අද පෙරවරුවේ සඳ මතට ගොඩබෑමට නියමිතව තිබුණි. එම අවස්ථාව නිල වශයෙන් ප්‍රකාශ කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අද පෙරවරුවේ ඉන්දීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පැමිණීමට නියමිතව තිබුණි. චන්ද්‍රයාන් දෙක යානය සඳට කිලෝමිීටර් දෙකයි දශම 1 ක් දුරට ළගාවී තිබියදී අනපේක්ෂිත ආකාරයෙන් සම්බන්ධතාව නැතිවී ගොස් තිබේ.

එම යානය සාර්ථකව ගොඩබෑමට හැකි වුයේ නම් එවැනි දක්ෂතාවක් සිදු කළ සිව් වන රට බවට ඉන්දියාව පත්වීමට ඉඩ තිබුණි. මෙම සුවිශේෂී අවස්ථාව දැක ගැනීමට ඉන්දීය අගමැතිවරයා ඊයේ සිටම එම මධ්‍යස්ථානයට යාබද විශේෂ කුටියේ සිටි බව සදහන් වෙයි. ඇතිවු තත්ත්වය පිළිබඳව අභ්‍යවකාශ විද්‍යාඥයින්ට කරුණු පැහැදිලි කළ අගමැතිවරයා ජීවිතයේ නැගීම් . කඩා වැටීම් සාමාන්‍ය සිද්ධි බව සදහන් කළේය. යානය මෙතරම් දුරක් යැවීමට හැකිවීම ද විශාල ජයග්‍රහණයක් බව ඔහු සදහන් කළේය. මෙම මෙහෙයුමට සම්බන්ධ සියලු විද්‍යාඥයින් ඇගයීමට ලක් කරන බවද ඉන්දිය අගමැතිවරයා කීවේය. මෙම අවස්ථාව දැක බලා ගැනිමට පාසල් සිසුන් රැසකට ද ඇරයුම් කර තිබුණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *