එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශන මාලාවේ 3 වැන්න දැන් යාපනයේදි

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශන මාලාවේ තුන්වැන්න යාපනයේදි දැන් පැවැත්වෙයි. අද පස්වරුවේ එය නිල වශයෙන් විවෘත කෙරිණ. උතුරට ආවේණික ව්‍යවසායකත්වයන් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් නව පරපුර ඒ සදහා යොමු කරවිම ප්‍රදර්ශනයේ අරමුණයි. ඒ වෙනුවෙන් ප්‍රදර්ශන භූමිය කලාප 07 කට වෙන් කර තිබෙ.් ප්‍රදර්ශන භුමියේ ස්ථාපිත කර ඇති ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියට පැමිණ සම්මුඛ සාකච්ඡාවකට එක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කලේ. ගෙවනු වසර 5 දි මෙරට සංහිදියා ක්‍රියාවලිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක වු බවයි. උතුරු පලාතේ සංවර්ධනයට රජය විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බව අගමැතිවරයා මෙහිදි සදහන් කලේය.
මුදල් අමාත්‍යංශයේ එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරිහු ප්‍රදර්ශනයට සහභාගි වී සිටිති. එමෙන්ම සියලු රාජ්‍ය බැංකුවල එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ණය යෝජනාක්‍රමය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරිහු ද ප්‍රදර්ශනයට සහභාගී වී සිටිති. බැංකු වලින් ණය මුදලක් ලබාගැනිම සදහා ඒ මොහොතේම ලියාපදිංචි විය හැකිය. ප්‍රදර්ශනය ලබන අගහරුවාදා දක්වා පැවැත්වේ. ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරිමේ හා රජයේ සංවර්ධන කාර්යාල ජනතාවට සමීප කරවිමේ අරමුණින් මුදල් අමාත්‍යංශය එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා ප්‍රදර්ශන මාලාව සංවිධාන කරයි. එහි පලමු හා දෙවන ප්‍රදර්ශන මොණරාගල දී හා අනුරාධපුරයේදි පැවැත්විණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *