ලිංග්ලිංග් සුළි කුණාටුව උතුරු කොරියාවට

Share Button

ලිංග්ලිංග් සුළි කුණාටුව උතුරු කොරියාව ආක්‍රමණය කරයි. දකුණු කොරියාව ආක්‍රමණය කිරීමෙන් පසු මෙම සුළි කුණාටුව උතුරු කොරියාව ආක්‍රමණය කර තිබේ. සුළි කුණාටුවේ බලපෑමෙන් දකුණු කොරියාවට ජිවිත හා දේපල රැසක් අහිමි විය. පැයට කිලෝමීටර් 140 ක වේගයෙන් උතුරු කොරියාව ආක්‍රමණය කරන මෙම සුළි කුණාටුව හේතුවෙන් උතුරු කොරියාවේ මිලියන දහයකට පමණ නිවාස අහිමි වනු ඇතැයි ජගත් සංවිධානය අනතුරු අගවා ඇත. ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ගම්බිම් අතහැර ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස කාලගුණ අංශ දැනුම්දීම් කර තිබිණ.
====
ඇමරිකාවේ රැකියා උත්පාදනය අපේක්ෂිත ඉලක්කය සපුරාලීමට සමත් වී නැතැයි එරට ආර්ථික අංශ පවසයි. පසුගිය ජූලි මාසයේදී අපේක්ෂා කල නව උත්පාදන රැකියා සංඛ්‍යාව එක්ලක්ෂ පනස් අට දහසකි. නමුත් අපේක්ෂා කල රැකියා සංඛ්‍යාව එක් ලක්ෂ පනස් නම දහසකි. එරට විරැකියා අනුපාතය මේ වන විට සටහන් වන්නේ සියයට තුනයි දශම හතක් ලෙසිනි.
====
ගර්භනී සමයේදී මවට ඇතිවන මානසික ගැටඵ දරුවන්ගේ පෞර්ෂත්වයට ප්‍රධානම බාධාව බව නවතම සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. පින්ලන්තයේදී ගර්භනී මව්වරුන් තුන් දහස් හයසියයක් යොදා ගනිමින් සිදුකල පරික්ෂණයකදී මේ බව තහවුරු වී ඇත. ඇතැම් මව්වරුන් ගර්භනී සමයේදී මෙම මානසික ගැටඵ සදහා භාවිතා කරන ඖෂධ කුසතුල වැඩෙන දරුවන්ගේ ජානවලට ඍජුවම බලපෑම් එල්ල කරන බව එම වාර්තාවේ දැක්වේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *