ඩෝරියන් චන්ඩ මාරුතය කැනඩවේ නෝවා ස්කොටියා පළාතට කඩා වදී

Share Button

ඩෝරියන් චන්ඩ මාරුතය පශ්චාත් නිවර්තන සුළිණාටුවක් ලෙස කැනඩවේ නෝවා ස්කොටියා පළාතට කඩා වදී. පැයට කිලෝ මීටර් සියයක පමණ වේගයකින් හමා ගිය සුළිකුණාටුව නිසා ගස් රැසක් කඩා වැටී තිබේ. එම පළාතේ නිවාස හාරලක්ෂ පනස් දහසකට පමණ විදුලිය ඇණ හිට ඇත. මේ වන විට සුළිකුණාටුව ඇමරිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශය වෙත හමා යමින් පවතී කැනඩාවේ නොවා ස්කොටියා ප්‍රදේශයට මේ වන විටත් මිලිමීර් සියයකට අධික වැසි ලැබෙනමින් පවතින බව එරට කාලගුණ අංශ සදහන් කරයි.
====
චීනයේ සිචුවෑන් පළාතේ අද පෙරවරුවේ හට ගත් භූ කම්පනයකින් එක් පුද්ගලයෙක් මිය යයි. තවත් විසි නව දෙනෙකු තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව එරට රෝහල් බළධාරීහු පවසති. නිවාස 17 කට පමණ පුර්ණ හානි සිදුවී තිබේ. තවත් නිවාස දෙසියකට ආසන්න සංඛ්‍යාවකට ද හානි සිදු වී ඇතැයි එරට ආපදා කළමනාකරණ කාර්යාංශය සදහන් කරයි. රිච්ටර් මාපාංක පහයි දශම හතරක් ලෙස භූ කම්පනය සටහන් වී තිබේ.

===== .

තලෙයිබාන් සංවිධානය සමග සාම ගිවිසුම අවලංගු කළ බව අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. සිය ට්විටර් ගිණුමේ ට්‍රම්ප් මහතා සටහන් කර ඇත්තේ තමා අද ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රොෆ් ගානි සහ තලෙයිබාන් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් හමුවීමට සුදානමින් සිටි බවයි. කෙසේ වෙතත් තලෙයිබාන් සටන්කාමීන් කාබුල් නුවරට එල්ල කළ ප්‍රහාරයකදී අමෙරිකානු සෙබලෙකු මියයාමේ සිද්ධියෙන් පසු සාම ගිවිසුම අවලංගු කළ බව ජනාධිපතිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *