දඹදිව සංචාරය කිරීමෙන් පසු යළි දිවයිනට පැමිණෙන පුද්ගලයන් මැලේරියා උණ පරීක්‍ෂාව කරගත යුතු බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි

Share Button

දඹදිව සංචාරය කිරීමෙන් පසු යළි දිවයිනට පැමිණෙන අය මැලේරියා උණ පරීක්‍ෂාව කරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි. දඹදිව සංචාරය කිරීමෙන් පසු යළි දිවයිනට පැමිණි කිහිප දෙනෙකුට මැලේරියාව වැළදී ඇති බවට ඉකුත් සතියේ දී හදුනාගෙන ඇත. තෙල්දෙනිය. පොල්ගොල්ල. වට්ටාරන්තැන්න සහ අගුණකොළපැලැස්ස යන ප්‍රදේශවලින් රෝගීන් 5 දෙනෙකු වාර්තා වී ඇත. කෙසේ වෙතත් එම තත්ත්වය ශ්‍රී ලංකාවට මැලේරියාව යළි ව්‍යාප්තවීමට කිසිසේත් බල නොපාන බව මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එච්. ඩී. බී. හේරත් මහතා සදහන් කරයි. ශ්‍රී ලංකාව මැලේරියාව සම්පුර්ණයෙන්ම තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය 2016 වසරේදී ප්‍රකාශයට පත්කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *