සාම සාකච්ඡා අවලංගු කිරීමෙන් වැඩි වාසි ඇමරිකාවට

Share Button

සාම සාකච්ඡා අවලංගු කිරීමෙන් වැඩි අවාසිය සිදු වන්නේ තමන්ට නොව ඇමරිකාවට බව තලේබාන් කැරලි සංවිධානය පවසයි. පුරා වසර 18 ක් තිස්සේ ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම් අවසන් කිරීමේ අරමුණින් ඇමරිකාව හා තලේබාන් සංවිධානය අතර සාකච්ඡා ආරම්භ කෙරිණි. එහෙත් කෑම්ප් ඩේවිඩ් හිදි ඊයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡා අවලංගු කරමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි. එක්සත් ජනපද හමුදා භටයන් 5 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වු ප්‍රහාරයට තලේබාන් සංවිධානය වගකිව යුතු බව හෙලිවීම හේතුවෙන් තමා එම තීරණය ගත් බව ඇමරිකානු ජනාධිපතිවරයා සදහන් කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *