ගුවන් විදුලි ශිල්පිණී කුමාරී පෙරේරා මහත්මියගේ කලා ක්ෂේත්‍රයට වසර 40 ක්

Share Button

ගුවන් විදුලි ශිල්පිණී කුමාරී පෙරේරා මහත්මිය කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වී වසර 40 ක් පිරීම නිමිත්තෙන් පවත්වන විශේෂ උත්සවයක් පිටකොටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී අනිද්දා පස්වරු 2 ට පැවැත්වේ. එය ස්වර්ණ ගී ප්‍රසංගය ලෙස නම්කර ඇත. ප්‍රවීණ කලාකාරියක් ලෙස ගතවූ දශමක 4 ක කාලයේදී ඇය දස්කම් දක්වා තිබේ. උත්සවයේදී ඇය සිය ස්වාමිපුරුෂයා වන රංජිත් යාපා ද අල්විස් කලාකරුවාගේ සංගීතයට පැරණි ගී ගායනා කිරීම සිදුවේ. තනුෂ්ක ගයාන් සහාය ගායනයෙන් එක්වෙයි. මෙම අවස්ථාවට ඕනෑම අයකුට සහභාගී විය හැකි බව කුමාරි පෙරේරා මහත්මිය පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *