පකිස්තාන සංචාරයට එක්වීමට නොහැකි බව කියු ශ්‍රී ලංකා පිලේ ක්‍රිඩකයන් දෙදෙනෙකුට කැරිබියන් ප්රිමියර්ලිග් ක්‍රිකට් තරගාවලිය අහිමිවෙයි.
එළඹෙන පකිස්තාන එක්දින හා ඕවර් විස්සයි විස්ස තරගාවලියට එක්වීමට නොහැකි බව පැවසු නිරෝෂන් දික්වැල්ල සහ තිසර පෙරේරාහට කැරිබියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමිවෙයි. ඔවුන් ඊට සහභාගීවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අවසර ඉල්ලුවත් ඊට අවසර ලැබී නැතැයි වාර්තාවෙයි. ජාතික කණ්ඩායමට ක්‍රිඩා නොකොට වෙනත් තරගමාලා සදහා ඉඩ නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. මෙම ක්‍රිඩකයන් දෙදෙනා ඇතුඵව තවත් 8 දෙනෙක් පකිස්තාන ක්‍රිකට් සංචාරයෙන් ඉවත්වුහ.