පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ

Share Button

පාතාල නායක බ්ලුමැන්ඩල් සංඛ ලබන 24 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද නියෝග කළාය. දිනේෂ් එරංග නොහොත් කඵබෝලේ යන අයට වෙඩි තබා ඝාතනය කලායැයි කියන සිද්ධියකට අදාළව ඔහු අධිකරණයට ඉදිරිපත් කෙරුණි. මොහු ඊයේ රාත්‍රියේ ඉන්දියාවේ සිට පැමිණ තිබේ. මොහුව ඉකුත්දා තමිල්නාඩුවේ අග්ගප්පා නගර් ප්‍රදේශයේදී එරට ආරක්‍ෂක අංශ මගින් අත්අඩංගුවට ගනු ලැබීය. මේ අතර කුඩු රොෂාන් ඇතුඵ සැකකරුවන් 13 දෙනෙකු ලබන 19 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මෙහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියෝග කළාය. පාතාල නායකයෙකු වන ආනමාඵ සුරංග වෙඩි තබා ඝාතනය කලැයි මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *