19 වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි බව අගමැති කියයි

Share Button

19 වන ශතවර්ෂයේ ඇරඹුණු බ්‍රිතාන්‍ය ආර්ථික ක්‍රමය තුළ තවදුරටත් සිරවී සිටිය නොහැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එබැවින් අලුත් ආර්ථිකයක් වෙත රට යොමු කළයුතුයැයි ඔහු අද කොළඹ වරාය පරීශ්‍රයේදී වරාය පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. විශාල ණය බරක් සහිත අපනයනය කඩා වැටුණු රටක් වත්මන් රජයට භාරගැනීමට සිදුවිය. ඒ සියඵ අභියෝගවලට මුහුණදෙමින් කථාව වෙනුවට සිග්‍රයෙන් වැඩකරන යුගයක් ඇරඹු බව වික්‍රමසිංහ මහතා කියයි. කොළඹ මහ නගරය . මාර්ග පද්ධතිය සහ වරාය දියුණු කිරීම මගින් ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කළහැකිය. සුරියවැව ක්‍රිකට් ක්‍රිඩාංගනයේ ණය ගෙවීමට සිදුවුයේද වත්මන් රජයට බව ඔහු පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *