බොහෝ රටවල පරිසර විනාශයට දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් සම්බන්ධ බව ජනපති කියයි

Share Button

මෙරට මෙන්ම ලොව බොහෝ රටවල පරිසර විනාශය සිදුකරන්නේ දේශපාලන බලය ඇති පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. තිරසර මානව හා සමාජයිය පැවැත්මක් තහවුරු කිරිම උදෙසා මිනිසා හා පරිසරය මනා තුල්‍යතාවකින් පවත්වාගැනිමට අතිශය වැදගත් කාලින අවශ්‍යතාවක් බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. තුල්හිරිය මාස් ඇතිනා ශාලාවේ ඊයේ පස්වරුවේ ආරම්භ වු නිවර්තන ජීව විද්‍යාව සහ සංරක්ෂණය පිළිබඳ සංවිධානයේ ආසියා ශාන්තිකර සමුඵව අමතමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය. ලෝක තිරසර පරිසර කළමනාකරණ ක්‍රියාවලියේදි ආසියා ශාන්තිකර කලාපිය රටවලට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ජෛව විවිධත්වයෙන් අනුන ආවේණික හා ඒක දේශිය ශාක හා සත්ව ප්‍රජාවක් කලාපය සතු වීම එයට හේතුවයි. මෙරට විශාල ආහාර බෝග ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කිරිමේ ගැටඵව කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් පිළිබඳව මෙම සමුඵවේදී අවධානය යොමු වනු ඇති බවට විශ්වාසය පළ කළේය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය. කොළඹ විශ්ව විද්‍යාලය සහ සබරගමුව විශ්ව විද්‍යාලය මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සම්බන්ධිකරණයෙන් සමුඵව සංවිධාන කර තිබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *