ශ්‍රිමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රිඩා උළෙලේ මුල් දිනයේදිම නව තරග වාර්තා හතරක්

Share Button

ශ්‍රිමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රිඩා උළෙල කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේදි ඊයේ ආරම්භ විය. ප්‍රථම දිනයේදිම නව තරග වාර්තා හතරක් බිහිවිම විශේෂත්වයකි. 18 න් පහළ මීටර් 200 ධාවන ඉසව්ව වෙනුවෙන් නව තරග වාර්තාවක් පිහිටුවිමට කොළඹ ලුම්බිණි විද්‍යාලයේ චලිත් පියුමාල් සමත් විය. 16 න් පහළ මීටර් 400 සහාය දිවිමේ තරගයෙන් නව තරග වාර්තාවක් තැබිමට රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ විනෝද් ආරියවංශට හැකිවිය. වලල ඒ රත්නායක විද්‍යාලයේ ශ්‍යාමලී කුමාරසිංහ . වයස 16 න් පහළ මීටර් 400 කඩුලු පැනිම කාන්තා ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටවුවාය. 18 න් පහළ කවපෙත්ත විසිකිරිමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් තැබිමට කදාන සෙබස්තියන් බාලිකා මහා විද්‍යාලයේ හේෂාණි මහේෂිකා සමත් වුවාය.
මේ අතර කොළඹ තුරග තරග පිටියේ ඊයේ රාත්‍රියේ පැවති පාපන්දු තරගයේදි ශ්‍රි ලංකාව පරදවා ගෝල එකට බින්දුවක් වශයෙන් ජය වාර්තා කිරිමට උතුරු කොරියාව සමත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *