දිය නෑමට ස්ථාන තෝරා ගන්නා විට ප්‍රවේශමෙන්

Share Button

බලන්ගොඩ , බෙලිහුල්ඔය රජවක මාර්ගයේ සමණළ වැවෙන් කාන්දුවන ජල පහර අසල පාලම අසලට දියනෑම සහ විනෝදවීමට  නන්දෙසින් පිරිස් පැමිණෙති.

ඔවුන් එම ස්ථානයේ පොලිතින්, වීදුරු, හිස් මත්පැන් බෝතල් ඇතුඵ තවත් නොදිරණ ද්‍රව්‍ය බැහැර කර යාම නිසා පාරිසරික ගැටඵ රැසක් මතුවී තිබේ.

එම ස්ථානය දියනෑම සදහා අනාරක්‍ෂිත ස්ථානයක් ලෙස නම්කර ඇතත් ඒ පිළිබඳ අවවාද කිසිවෙකු පිළීගන්නා බවක් නොපෙනේ.

මේ වසරේදී පමණක් පිටස්තර ප්‍රදේශවලින් පැමිණි තිදෙනෙකු දියනෑමේදී ගිලී මියගොස් ඇත.

ප්‍රදේශයේ බලධාරීන් මේ පිළිබඳ අවධානය යොමු කරන්නැයි පරිසර සංවිධාන ඉල්ලා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *