මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් සදහා මුලික කටයුතු ඇරඹේ

Share Button

මොරටුව . කටුබැද්ද විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම පිළිබඳව මුලික සාකච්ඡා ඇරඹේ. අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී එය පැවැත්වුණි. මෙම පීඨය සදහා ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු දැන් ක්‍රියාත්මකයි. කඵතර මහ රෝහල සහ පානදුර මහ රෝහල ශීක්‍ෂණ රෝහල් ලෙස සංවර්ධනය කර නව වෛද්‍ය පීඨයේ රෝහල් ලෙස ලබාදීමට නියමිතයි. ලබන වසරේ සැප්තැම්බර් පළමුවැනිදා වන විට පළමු සිසු කණ්ඩායම ලෙස 60 දෙනෙකු බදවා ගැනීමට අපේක්ෂා කෙරේ. එය පසුව සිසුන් 150 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. මේ සදහා රුපියල් මිලියන අටදහසක් ආයෝජනය කෙරේ. කුවේට් අරමුදලින්ද ආධාර ලබාගැනීම බලාපොරොත්තුවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *