කසල තේ කිලෝග්‍රුම් 18 දහසක් වත්තලදී අත්අඩංගුවට

Share Button

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රුම් 18 දහසක් සමග වත්තල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීහු් වැටලීම සිදුකළහ. වත්තල ශ්‍රී වික්‍රම මාවතේ පුද්ගලික සමාගමකට අයත් ගබඩාවක් වැටලීමේදී මේවා හමුවි ඇත. අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට භාරදීමෙන් පසු ඇප බැදුම්කරයක් මත අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වා මුදාහැර තිබේ. මේ පිළීබඳව අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතයි. ඒ අතරම කන්කසන්තුරේදී නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් මුහුදේ පාවෙමින් තිබු කේරළ ගංජා කිලෝග්‍රුම් 23 කට වැඩි ප්‍රමාණයක් තම භාරයට ගෙන ඇත. ඊට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මේ වනවිට කරුණු අනාවරණ වී නොමැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *