රටේ ආර්ථිකය නිසි පරිදි කළමනාකරණය කිරීමට රජය සමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා කියයි

Share Button

රටේ ආර්ථිකය නිසිපරිදි කළමනාකරණය කිරීමට රජය සමත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා සදහන් කරයි. මේ නිසා පසුගිය රජයට වඩා ඉන්ධන මිල මෙන්ම ගෑස් මිලද පහල මට්ටමක තිබෙන බව ඔහු අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වත්කම්. බැරකම් ඉදිරිපත් කිරීම අනිවාර්යය කළයුතුය. එමගින් ජනතාවට වගකියන මන්ති්‍රීවරුන් පිරිසක් බිහිකළ හැකිය. මේ වනවිට වත්කම් බැරකම් ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රිවරුන් දස දෙනෙකු පමණක් බවද ඔහු කිවේය. ආංශික අධීක්‍ෂණ කාරක සභා සියල්ලම මාධ්‍යයට විවෘත කළයුතුයැයි ඒ මහතා කියයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ජනතාවට වගකියන පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පැන නැගී ඇතැයිද ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *