ජනාධිපතිවරණය නොවැම්බර් 09 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා අතර දිනයක

Share Button

ජනාධිපතිවරණය නොවැම්බර් 09 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා අතර කාලය තුළදී පැවැත්වීමේ හැකියාව තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද ද්‍රේශප්‍රිය මහතා පවසයි. ඉරිදා හෝ පොහොය දිනවල පැවැත්විය නොහැක. පොහොය දිනට පෙර දින හා පසුදිනද එය පැවැත්විය නොහැකි බව ඒ මහතා කියයි. ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයට නව ඡන්දදායකයන් ලක්‍ෂ 8 ක පමණ පිරිසක් එකතු වී සිටින බව ඔහු කීවේය. ජාතික ගුවන් විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු මේ බව කීවේය. මැතිවරණ කාලසීමාවේ මාධ්‍ය භාවිතයේදී ස්වයං විනයක් ඇතිකර ගැනීම වැදගත් බවද ඔහු කියා සීටී. මේ පිළිබඳව මාධ්‍ය ආයතන දැනුවත් කිරීමටද ක්‍රියාකර ඇත. පුර්ව මැතිවරණ සමයේදී අපේක්ෂකයන් විසින් භාණ්ඩ බෙදාදීමද කළ නොහැක. ඒවා බෙදාදෙන අය හදුනාගෙන ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට ක්‍රියාකරන බව දේශප්‍රිය මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *