ප්‍රාදේශීය කර්මාන්තශාලා මගින් තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා උදාකරණ බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා කියයි

Share Button

උතුරු පළාතේ සෑම උපදිසාපති කොට්ඨාශයකම කර්මාන්තපුර සැදීමට තමා සුදානම් බව ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. කර්මාන්ත ශාලා ඉදිකිරිමේදී එක් පළාතකට සීමා නොවේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තරුණ ප්‍රජාවට රැකියා ලබාදීමට මෙම වැඩසටහන යොදා ගැනේ. එමෙන්ම කර්මාන්තපුර මගින් දේශීය ආර්ථිකයට මෙන්ම දලදේශීය නිෂ්පාදනයටද වැඩි දායකත්වයක් ලබාගැනේ. උතුරු පළාතේ ජනතාවද වඩාත් පුඵල්ව සංවර්ධන ක්‍රියාවලියට එක්කර ගැනීම අපේක්ෂාව බව ඔහු 274 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට එක්වෙමින් කීවේය. වළිකාමම් උරෙයිලු ප්‍රදේශයේ එය ඉදිකර තිබේ.
මේ අතර ඊයේ රාත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්වුණි. ඉන් අනතුරුව ප්‍රේමදාස මහතා සදහන් කලේ කෙටි කලක් තුළ සුබවාදී ප්‍රතිඵලයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. පෙරමුණක් ලෙස ඉදිරියට යාම තම අරමුණ බවද ඔහු කීවේය. එමෙන්ම තමන් උකුස්සෙකු රාජාලියෙකු නොව සද්ධන්ත ඇතෙකු බවද ඔහු සදහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණය ජයගැනීමට අවශ්‍ය මැතිවරණ උපක්‍රමද සාකච්ඡාවට බදුන්වී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *