සාමනේර ස්වාමින් වහන්සේ දෙනමකට පහර දුන් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ.

Share Button

සාමනේර ස්වාමින් වහන්නේ දෙනමකට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු වන ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඔහු පදවිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේ එම නියෝගය කෙරිණි. හොරොව්පතාන සරණ තිලකාරාම විහාරස්ථානයේ සාමනේර ස්වාමින් වහන්සේ දෙනමක් එම පහරකෑමට ලක්වුහ. එම ස්වාමින් වහන්සේලා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබති.
එම පහරදීමේ සිද්ධිය තරයේ හෙලාදකින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා කියයි. ඒ සම්බන්ධයෙන් දැන් නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඊට අමතරව ශාසනාරක්ෂක බලමණ්ඩලය සමග සාකච්ඡා කර බුද්ධශාසන අමාත්‍යංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ද කිසියම් ක්‍රියාමාර්ගයක් ගත හැකිදැයි සොයා බලන බව ඔහු සදහන් කරයි. මෙවැනි සිද්ධි යලි කිසි දිනක ඇති නොවීම සදහා ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *