මිහින්තලා පුජා භුමියේ සංවර්ධනය සදහා රජයෙන් ලැබෙන දායකත්වය විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඇගයීමට

Share Button

මිහින්තලා පුජා භුමියේ සංවර්ධනය සදහා ජනාධිපතිතුමා . අගමැතිතුමා ප්‍රමුඛ රජය ලබා දෙන දායකත්වය මිහින්තලා රජමහා විහාරාධිපති පුජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේගේ ඇගයීමට ලක් වෙයි. රජ දවසින් පසුව එවන් දායකත්වයක් මිහින්තලා පුජා භුමියට ලැබී නැතැයි උන්වහන්සේ සදහන් කරති. මිහින්තලය ජාතික උරුමයක් බවට පත් කිරීම . මිහින්තලා මිහිදු මහ පෙරහර ජාතික රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීම . පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීම සහ මිහිඳු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහි කිරීම සදහා වප් මස පුරඅටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂිත කාර්යයන් බව උන්වහන්සේ පැවසුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මිහින්තලා රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමක් අගමැති කාර්යාලයේදී අද පැවැත්වුනු අතර මාධ්‍ය හමුව පැවැත්වුනේ ඉන් අනතුරුවයි. මිහිදු මහ රහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් ලබන මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා මිහින්තලා පුජා භුමියේදී විශේෂ පිංකම් මාලාවකි. ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම පිංකම් මාලාවට ජනාධිපතිතුමා . අගමැතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරු සහභාගි වෙති. ලබන මස 6 වැනිදා දිවයිනේ සියලුම විහාරස්ථාන නියෝජනය වන පරිදි මහා සංඝරත්නය 2000 ක් විෂයෙහි දානය පිළිගැන්වෙයි.
අග්‍රාමාත්‍ය ලේකම් ඊ එම් එස් බී ඒකනායක මහතා එහිදී පැවසුවේ මෙම ජාතික උත්සවය සාර්ථක කර ගැනීමට රාජ්‍ය නිලධාරින්ගේ පුර්ණ සහාය ලැබිය යුතු බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *