පාස්කු ඉරුදින ප්‍රහාර අයි එස් ප්‍රහාරයක් ලෙස ප්‍රචාරය කිරීමට කටයුතු කළ තව්හිද් ජමාත් සාමාජිකයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Share Button

පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසු ඒවා අයි එස් අයි එස් ප්‍රහාරයක් බවට ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සන්නිවේදන කටයුතු සිදු කළ තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සාමාජිකයෙකු ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය. ඔහු කාත්තන්කුඩි ිහි පදිංචි තව්හිද් අහම්මදු මොහොම්මදු අර්සාත් නමැත්තෙකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කර ඇත. මෙම පුද්ගලයා අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධයක් ඇත්දැයි විමර්ශනය කරමින් සිටින බවද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *