ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Share Button

හම්බන්තොට මැදමුලන ඩී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාල නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය දෝෂ සහිත බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර තිබු අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කළේය. එම කෞතුකාගාරය ඉදිකිරීමේ දී ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් තුන්කෝටි තිස්නව ලක්ෂයක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා එම නඩුව ගොනු කර තිබෙ.් පෙත්සම සලකා බැලීම සිසිර ද ආබෲ . ප්‍රියන්ත ජයවර්ධන . ප්‍රසන්න ජයවර්ධන . විජිත් මලල්ගොඩ හා එල් ටී බී දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද සිදු විය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගත්වය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බව පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා පැවසීය. පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමට තරම් සාධාරණ නෛතික පදනමක් නැතැයි ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *