සංරක්ෂණයෙන් පසු අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරය ජනතාවට විවෘත කෙරේ

Share Button

අනුරාධපුර පුරා විද්‍යා කෞතුකාගාරය සංරක්ෂණයෙන් පසුව ඊයේ ජනතාව සදහා විවෘත කෙරින. එය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු පැරණිතම හා විශාලතම පුරා විද්‍යා කෞතුකාගාරයයි. ඇමෙරිකානු තානාපති අරමුදල යටතේ ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස් දහසක වියදමින් එය සංරක්ෂණය කෙරිනි. ඊට අමතරව මධ්‍යම සංස්කෘතික අරමුදල හා මහ භාණ්ඩාගාරයේ ඒකාබද්ධ අරමුදල මගින් ආධාර සපයා තිබේ. ලබන වසරේදී සිය 60 වන සංවත්සරය සමරන අනුරාධපුර කෞතුකාගාරයේ මේ වනවිට පුරා වස්තු 600 කට අධික සංඛ්‍යාවක් මහජන ප්‍රදර්ශනය සදහා තබා තිබේ. විවෘත කිරීමේ අවස්ථාවට රුවන්වැලිසෑ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරත්නය ද. සෙසු ආගමික පුජකවරු ද. පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්ඩාවල මහතා ඇතුඵ පිරිසක් ද එක්ව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *