ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

Share Button

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ්‍රයේදී සිදු කෙරුනි. එහි ඇසල පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ විදී සංචාරය කළේය. ඊයේ පස්වරුවේ එම පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු ශ්‍රිපාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත්කිරීමේ අදාල ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *