නෙඵම් කුඵණ ජනසතු කිරීම හෙට

Share Button

නෙඵම් කුඵණ ජනසතු කිරීම හෙට සිදුවේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එය ජනසතු කෙරේ. මීටර් 350 කින් යුත් මෙම නෙඵම් කුලුණ දකුණු ආසියාවේ උසම කුලුණයි. මෙය ඉදිකිරීමට වැයකල මුදල ඇමරිකානු ඩොලර් මිලියන 104 යි දශම 3 කි. මෙම මුදල චීන රජය ලබා දී තිබේ . මෙහි වපසරිය වර්ග මීටර් තිස් දහස් හයසියයකි. කුඵණට ඇතුඵ වීමට දොරටු හතරකි. පහත මාලයේ අවන්හලක් සහ සන්නිවේදන කෞතුකාගාරයක්ද ස්ථාපනය කර ඇත. කුඵණේ පීඨිකාව මහල් හයකින් සමන්විත වේ. ප්‍රදර්ශන ශාලා දෙකක්ද ඊට ඇතුලත් වේ. හත්වන මහලේ නිරික්ෂණ වේදිකාවකි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *