දකුණු ආසියාවේ උසම ඉදිකිරීම – නෙඵම් කුඵණ ජනතා අයිතියට

Share Button

කොළඹ ඩී. ආර්. විජේවර්ධන මාවතේ ඉදිකෙරුණ නෙඵම් කුඵණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත කෙරේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගි වෙති. හෙක්ටයාර් තුනහමාරක භූමිභාගයක ඉදිකර ඇති නෙථම් කුඑනේ උස මිටර් 356 කි. 2012 වසරේ දෙසැම්බර් මාසයේ එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. කුඑනේ පහල මහල් 3 ව්‍යාපාරික කටයුතු සදහා වෙන්කර ඇත. කුඑනේ මැද කොටස හිස්ව පවතී. ඉහළ මහල් 8 න් දෙකක් සම්ප්‍රේෂණ කටයුතු සදහා ද ඊට පහළ මහල් දෙක සම්භාෂණ සදහා සකස් කර තිබේ. එක් මහලක 400 කට බැගින් මහල් දෙකේ පුද්ගලයින් 800 කට ආසන පහසුකම් පවති. ආසන 300 ක පහසුකම් සහිත තවත් කරකැවෙන මහලක් ඊට ඉහළින් තිබේ. කුඑණු පරිශ්‍රයේ වාහන නැවතුම් අංගනය තුල වාහන 250 කට ඉඩපහසුකම් ඇත. චීන ණය ආධාර යටතේ ඉදි වුණු කුඑණ සඳහා වැය කෙරුණු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 104 කි.
නෙඵම් කුඵණ වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව විධිවිධාන යොදා තිබේ. රුපියල් 45 ක වටිනාකමින් යුත් එම මුද්දරය හා මුල්දින කවරයද අද නිකුත් කෙරේ. නෙඵම් කුඵණ මෙරට සන්නිවේදන ක්‍ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් බව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කියයි. එම කුඵණේ මෙහෙයුම් ආරම්භවීමෙන් පසුව ගුවන් විදුලි සේවා සපයන ආයතන 50 කට. රූපවාහිනී සේවා සපයන ආයතන 50 කට හා විදුලි සංදේශසේවා සපයන ආයතන 20 කට පහසුකම් සැලසේ. මෙය දකුණු අස්ියාවේ උසම කුඑණ වශයෙන් ද සැලකේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11