සිසුන් හතලිස්හතර දහසකට ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ඇතුලත්වීමේ වරම්

Share Button

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට ඇතුලත්වීමේ අවස්ථාව සිසුන් හතලිස්හතරදහස් පන්සියයකට උදාවෙයි ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුලත් කිරිම වඩාත් විධිමත් හා විනිවිදභාවයකින් සිදුකිරිමට පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව ප්‍රසිද්ධියට පත්කරන්නැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා අධයාපන අමාත්‍ය නිලධාරින්ට පසුගිය දා උපදෙස් දුන්නේය. ඒ අනුව එම ශ්‍රේණිවල පවතින සිසු පුරප්පාඩ සංඛ්‍යාව නිවැරදිව හදුනාගැනිමට හැකිවී තිබේ. දිවයිනපුරා පිහිටි ජාතකි පාසල්වල 1. 5 . 6 හා 11 ශ්‍රේණි හැර අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු හා බදවාගැනීමේ ක්‍රමවේදය ජුලී මාසයේ පුවත්පත් වල හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිල බෙව් අඩවියේ පලකෙරිණි. ඒ අනුව පුරප්පාඩු පවතින ඕනෑම ජාතික පාසලකට අයදුම් කිරිමේ අවස්ථාව සැලසී තිබේ. බදවාගැනීමේ ක්‍රමවේදයට අදාල නිර්ණායක අනුව අයදුම්කරුවන්ට සම්මුඛ පරික්ෂණයට පෙනී සිටිමට පෙර හිමිවන ලකුණු සංඛ්‍යාව දැනගැනීමට අවස්ථාව සලසා දිම මෙම වැඩපිලිවෙලේ විශේෂත්වයයි. එමගින් සිසුන් ඇතුලත් කිරිමේ දි සිදුවිය හැකි අක්‍රමිකතා වැලකෙන අතර නියමිත සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට පමණක් ආදල පාසල්වලට ඇතුලත් විමට අවස්ථාව උදාවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11