ගංගා කිහිපයක ජල මට්ටම් ඉහලට – දිස්ත්‍රික්ක හතරකට තවදුරටත් නායයාම් අනතුරු ඇගවීම්

Share Button

පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදිප් කොඩිප්පිලි මහතා කියයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමිටර් 150 ඉක්මවන තද වැසි අපේක්ෂා කල හැකිය.

පවතින අධික වර්ෂාවත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහල යමින් පවතින බව ද සහකාර අධ්‍යක්ෂවරයා පවසයි.. එම නිසා ගංගා ආශ්‍රිතව ජිවත් වන ජනතාව ඉහල යන ජලමට්ටම් පිලිබදව අවධානයෙන් පසුවන්නැයි ඔහු දැනුම් දෙයි

.අද පස්වරු 4 වන විට කැළණි ගගේ නාගලගම්වීදිය ජලමාපකයේ ජල මට්ටම විමසිලිමත්විය යුතු මට්ටමකට ඉහලගොස් තිබු බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව කියයි. එම නිසා කැළණි ගග දෙපස පහත්බිම්වල ජිවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11