දඹදිව වන්දනාවේ නිරතවන්නන් මැලේරියාවෙන් ආරක්ෂා විමට ඖෂධ භාවිත කරන්න

Share Button

දඹදිව වන්දනාවේ නිරතවන්නන් මැලේරියාවෙන් ආරක්ෂා විම හා රෝගය වැලැක්වීම සදහා ඖෂධ භාවිත කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි. පසුගිය කාලයේ මැලේරියා රෝගීන් 5 දෙනෙකු හමුවු අතර ඔවුන් සියලුදෙනා දඹදිව වන්දනාවේ නිරතව ආපසු සිය රට පැමිණි අය බව හදුනාගෙන තිබේ. මැලේරියා මර්ධන ව්‍යාපාරය මැලේරියාව වැලැක්වීමේ ඖෂධ නොමිලේ ලබාදෙයි. කොළඹ නාරාහේන්පිට මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ඒ ඒ දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශිය මැලේරියා කාර්යාලවලින් විදේශගත වීමට සතියකට පෙර එම ඖෂධ ලබාගෙන පාවිච්චි කිරිම අරඹන්නයි මැලේරියා මර්ධන ව්‍යාපාරය සියලුම දඹදිව වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටි. සංචාරය අතරතුර රාත්‍රි කාලයේ එලිමහනේ ක්‍රියාකාරකම් සිීමා කිරිම. දිගු අත්සහිත ආරක්ෂා සහිත ඇදුම් ඇදිම. නිර්දේශිත මදුරු විකර්ෂකයක් භාවිත කිරිම හා මදුරු දැල් යට නිදාගැනිම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද සියලු සංචාරකයන්ගෙන් ඉල්ලිමක් කෙරේ. මැලේරියාව වැලැක්වීමේ ඖෂධ භාවිත කර ඇතත් දඹදිව වන්දනාකරුවෙකු සංචාරය අතරතුරදි හෝ ඉන් පසුව උණ වැලදි ඇත්නම් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශිය කාර්යාලයකින් පරික්ෂා කරගන්නා ලෙසද ඉල්ලිමක් කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *