හලාවත මූලස්ථාන පොලිසියේ අටදෙනෙකුගේ වැඩ තහනම්

Share Button

හලාවත මූලස්ථාන පොලිසියට අනුයුක්තව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ රාජකාරි කළ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ. ස්ථානාධිපතිවරයා ලෙස කටයුයතු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ . පොලිස් සැරයන්වරයෙකුගේ . පොලිස් කොස්තාපල්වරු පස්දෙනෙකුගේ හා පොලිස් කොස්තාපල් රියැදුරෙකුගේ එලෙස වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මෙම පිරිස පසුගිය 06 වැනිදා වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක සුදූ ක්‍රිඩාවේ නිරතව සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙ.එහිදි සැකකරුවන් 20 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතත් ඔවුන් අතරින් නවදෙනෙකු පමණ රදවාගෙන සෙසු පිරිස මුදා හැර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි . සුදු පිටියේ තිබු මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබු මුදල් අයථා ලෙස ලබා ගත්බ වට ද තොරතුරු ලැබි තිබෙ. ඒ පිළිබඳව නාත්තණ්ඩිය සහකාර පොලිස් අධිකාරිවරයා සිදුකළ විමර්ශනයකින් පසුව එම නිලධාරින්ගේ වැඩ තහනම් කරනු ලැබිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *