ජනාධිපතිවරණයට නාම යෝජනා භාර ගන්නා දිනය ළගදීම ප්‍රකාශ කිරීමට මැතිවරණ කොමිසම සුදානම්.

Share Button

ජනාධිපතිවරණයට අදාලව දේශපාලන පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමේ පළමු සාකච්ඡාව මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අද පැවැත්වුනි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වුනි. දේශපාලන පක්ෂ ලේකම්වරු . නියෝජිතයෝ . නිරීක්ෂණ කණ්ඩායම් ඊට එක්වුහ. මෙවර ජනාධිපතිවරණය නව නීතියට අනුව පවත්වන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී කීවේය. ඉදිරි දිනකදී නාම යෝජනා දිනය ප්‍රකාශයට පත් කෙරේ. නාම යෝජනා පත්‍ර භාර ගැනීමෙන් පසුව ද මෙවැනි සාකච්ඡාවක් පැවැත්විමට ක්‍රියා කරන බව ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *