එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන බදාදා

Share Button

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා වනවිට නම් කිරීමට නියමිතයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණෙන් ජානාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී ඇත. කථානායක දේශබන්දු කරු ජයසුරිය සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහත්වරුන් එම ඉල්ලීම් යොමු කර තිබේ. එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදීව සිදු කිරීමට අදහස් කරයි. ඒ සදහා දැනට විදෙස්ගතව සිටින මැති ඇමතිවරුන් ලබන බදාදාට පෙර දිවයිනට කැඳවන ලෙස අගමැතිවරයා ඊයේ උපදෙස් දී ඇත. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවිමට කටයුතු කරන එක්සත් ජාතික පෙරමුණේ සියලු නායකයන්ගේ සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විණ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ඡන්ද ලකුණ . ව්‍යවස්ථාව . ලිපිනය . ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ආදී වැදගත් කරුණු රැසක් එම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී සාකච්ඡා කර අවසන් එකගතාවට පැමිණ තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *