අලි මිනිස් ගැටුමට ස්ථිර විසදුමක් ලබාදීම සදහා කඩිනම් පියවර

Share Button

අලි මිනිස් ගැටුම නවතා දැමීම සදහා ස්ථීර විසදුමක් ලබාදීමට කඩිනම් පියවර ගන්නා බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. අලි තර්ජනවලට විසදුම් වශයෙන් ඉදිකර ඇති අලිවැට ආරක්‍ෂා කිරීම සදහා ජනතාවද තම දායකත්වය ලබාදිය යුතුය. ඒ සදහා නිලධාරීන් තුන්දහසක් අලුතින් බදවා ගැනීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදුකෙරේ. අලි වැටවල් දිර්ග කිරීමටත් පැරණි අලි වැටවල් නිසිපරිදි නඩත්තු කිරීමටත් කටයුතු කරන බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළේය. අලි වැට ආරක්‍ෂා කිරීම වෙනුවෙන් දෙදහසකට ආසන්න සිවිල් ආරක්‍ෂක නිලධාරින් බදවා ගැනීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා සභාව කල් තබන අවස්ථාවේ ගෙනා යෝජනාවකට පිළිතුරු වශයෙනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *